බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාවේ වැවිලි කර්මාන්තය ඇති විය.ඒ අතර කෝපි වගාවට වැදගත් තැනක් හිමි විය.මෙම වකවානුවෙ දි වතු නිෂ්පාදනය ප්‍රවාහනය සදහා වඩා හොද හා වේගවත් ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය ඇති විය. ඒ අනුව දුම්රිය ගමනාගමනය මේ සදහා යෝග්‍ය බවට තෝරා ගන්නා ලදී.
ඒ අනුව 1845 දි කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය තැනීම පිළිබඳ දැඩි අවධානයක් යොමු විය. නමුත් එ වන විට පැවති යම් යම් දුෂ්කරතා හෙතුවෙන් එය අතරමග නවතා දැමීමට සිදුවිය. නැවතත් 1855 දී ශ්‍රිමත් හෙන්රි වෝර්ඩ් ආණ්ඩුකාරවරයා එයට මැදිහත් වි කටයුතු කල අතර 1858 අගෝස්තු 03 වන අඟහරුවාදා අද අප ලොකෝ හන්දිය ලෙස හදුන්වන මරදානත්- දෙමටගොඩත් අතර ස්ථානයක දුම්රිය මාර්ගය ඉදි කිරීම සඳහා මංගල පස් පිඩැල්ල කැපිම සිදු විය.එය සවස 5.30ට යෙදුනු සුභ මොහොතින් ආරම්භ විය.
ඉන් පසුව 1863 මාර්තු මාසයේ දි ප්‍රථම අදියර ලෙස අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම ඇරඹුණි.1864 දි ප්‍රථම දුම්රිය එන්ජිම ලංකාවට ගෙන්වීය.
1864 දෙසැම්බර් 27 දින බෙල්ජියමේ ඔටුන්න හිමි වු බ්‍රබ්‍රැන්ට් ආදිපාදවරයා වෙනුවෙන් ප්‍රථම දුම්රිය ගමන සිදු විය..1865 ඔක්තෝබර් 02 ව්න දින කොළඹ සිට අඹේපුස්ස දක්වා ප්‍රථම දුම්රිය පෙ.ව.7.00 ට පිටත් විය..එදින සිට මහජන ගමනාගමනය සඳහා දුම්රිය ආරම්භ විය එකල අඹේපුස්ස දක්වා පැවති දුම්රිය ස්ථාන වුයේ මහර (රාගම),හෙනරත්ගොඩ (ගම්පහ),වේයන්ගොඩ යන දුම්රිය ස්ථානයන්ය....
අඹේපුස්ස හෙවත් කීනදෙනිය පසු කර 1866 නොවැම්බර් 01න දින සිට පොල්ගහවෙල මාර්ගය නිම වු අතර මගීන් ගමනාගමනයටද විවෘත විය.පොල්ගහවෙල සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් එතරම් සංකීර්ණ නොවීය..කඳුකරයේ දොරටුව වු රඹුක්කන මුහුදු මට්ටමින් අඩි 313 ක් උසින් පිහිටියේය එතැන් සිට කඩුගන්නාව දක්වා සැ.13 ක් තුල අඩි 1300ක නැග්මක් සහිතය එහි ප්‍රමාණය 145කි රඹුක්කනින් පටන්ගත් විට එය යෝධ අලගල්ල කන්ද ඔස්සේ ඉදි විය රඹුක්කන සිට කඩුගන්නව දක්වා බිම්ගෙවල් ගණන 11 කි.දුම්රිය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාද සිදු විය..
1865 දි ගම්පොල මාර්ගය ඉදිකිරිම් ආරම්භ විය.එය 1873 ජනවාරි 05 වන විට අවසාන විය.1867 අප්‍රේල් 25 දිනදි මහනුවර මාර්ගය ඉදි විය.1874 දි නාවලපිටය මාර්ගයද නිම විය ඒ වන විට ප්‍රධාන මාර්ගයේ අවසාන ස්ථානය ලෙස නාවලපිටිය පැවතුනි. 1831 වන විට මාතලේ මාර්ගයේද වැඩ අවසන් වි තිබුණි.
ඉන්පසුව ඌවට දුම්රිය මාර්ගය ඉදිකිරිම පිළිබදව මහජනයාගෙන් විවිධ යෝජනා ඉදිරිපත් විය එහිදි ඌවට පිවිසීමට මාර්ග 2ක් යෝජනා විය.ඒවා නම් දැනට පවතින නාවලපිටිය මාර්ගය දීර්ඝ කිරීම හා කොළඹ සිට සබරගමුව හරහා ඌවට ප්‍රවේශ වීම යන මාර්ගයන් 2යි. එහිදි අවසාන වශයෙන් නාවලපිටිය මාර්ගය දීර්ඝ කිරීම ස්ථිර විය.
1858 අගෝස්තු 03 හෙන්රි වොර්ඩ් ආණ්ඩුකාරවරය ප්‍රථම මංගල පස් පිඩැල්ල කැපීමෙන් වසර 22 කට පසු එනම්,1880 අගෝස්තු 03 හැටන් දක්වා .මාර්ගය ඉදිකිරිම සදහා නාවලපිටියේදි මංගල පස් පිඩැල්ල කැපීම සිදුවිය. 1884 දී හැටන් දක්වා මාර්ගය ඉදි වී අවසන් විය
1885 දී නනුඔය දක්වා ඉදිවිය.1888 දෙසැම්බර් 01 දින හපුතලේ දක්වා ඉදිකිරිම් ආරම්භ විය 1933 වන විට එයද අවසන් විය.1891 වන විට බණ්ඩාරවෙල දක්වා ඉදිකිරිම් ආරම්භ වි තිබුනි.1894 වන විට එයද අවසන් වී මහජනයා සඳහා විවෘත විය. ඌව මාර්ගයේ අවසානය ලෙස බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ඉදිකිරිම් ආරම්භ වුවද එය අවසන් වීමට සැලකිය යුතුකාලයක් ගත විය.
1924 පෙබරවාරි 05 දින සර් විලියම් මැනිං ලංකාණ්ඩුකාරවරයා විසින් උත්සවාකාරයෙන් බදුලු මාර්ගය විවෘත කරන ලදී.ලංකාවෙ ධුමරථ නොහොත් දුම්රිය මාර්ගයේ ප්‍රධාන මාර්ගය ලෙස කොළඹ සිට බදුල්ල දක්වා නම් කෙරුණි...........
1933 වන විට එයද අවසන් විය please correct this
ReplyDelete