මාර්ග විස්තරය

.........උදැසන කොළඹ කො‍ටුව දුම්රිය ස්ථානය තරමක් කලබලකාරි ස්වභාවයක් ගනී එසේම දුම්රිය ස්ථානයෙන් ඇසෙන යම් යම් වදන් කාගේත් කනට හුරුපුරුදුය "පෙරවරු 5.55ට 2වෙනි වේදිකාවෙ නවතා තිබෙන පොඩි මැණිකේ සිඝ්‍රගාමි දුම්රිය බදුල්ල බලා පිටත් වේ දුම්රිය නවත්වන්නෙ රාගම, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පිළිමතලාව,පේරදෙනිය හංදිය,ගම්පොල..ගම්පොල සිට බදුල්ල දක්වා සැම දුම්රිය ස්ථානයකම නවත්වනවා.....................


මෙලෙස් පිටත් වු දුම්රිය ක්‍රමයෙන් ඉදිරියට ඇදෙමින් දෙමටගොඩ ගුවන් පාලම පසු කරමින් කැළණි ගං තීරයට ලගා වේ.ශ්‍රි ලංකා දුමරිය මාර්ගයේ දිගම පාලම කැළණි ගඟ හරහා වැටී ඇති අතර මෙම චාරිකාවෙදි අපට හමුවන පළමු ගඟද මෙය වේ.තවද කැළණිය රජමහා විහාරය කැළණිය පසු කරන ඕනැඑම අයෙකුට සිහියට නැගේ ඛැළණිය පුද බිම පසු කර දුම්රිය යන විට ලංකාවෙ ප්‍රථම ගුවන් පාලම හමුවේ එය පසුවනවාත් සමග රාගම දුම්රිය පොළ හමු වේ.එකල මහර නමින් හැදින්වුයේද මෙයයි.පළමු දුම්රිය සන්ධිස්ථානය රාගමදී හමු වේ එය පුත්තලම මාර්ගය හා ප්‍රධාන මාර්ගය වෙන් කරයි.ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ගෞරවයට පත් වී ඇති තේවත්ත බැසිලිකාව රාගමට ආසන්නයේ දැකගත හැක.තවත් ඉදිරියට ඇදෙන විට ලංකාවේ එක් තැනකදී පමනක් දැකගත හැකි එක් දුම්රිය ස්ථානයක සිට බලන විට දුම්රිය ස්ථාන දෙකක් දිස් වෙන දසුනක් දැකගත හැක ඒ වල්පොල , බ‍ටුවත්ත හා බුලුගහගොඩ යන දුම්රිය ස්ථාන වලදීය. කෙත් යායවල් පසු කරගෙන ඉදිරිය ඇදෙන දුම්රිය ඉන් පසුව ගම්පහ දුම්රිය පළට ලගා වේ.පැරණි හෙනරත්ගොඩ ලෙස දැදින් වුයේ මෙයයි.බස්නාහිර පළාතේ ඇති එකම උද්භිද උද්‍යානය මෙහිදි හමු වේ එහි 1867 දි ප්‍රථම රබර් බීජය රෝපනය කර ඇත.වේගයෙන් ඉදිරියට ඇදෙන දුම්රිය ඉළගට වේයන්ගොඩ දුම්රිය පළට ලගා වේ.නැවතත් ගමන් අරඹන දුම්රිය පල්ලෙවෙල අනිකට්‍ටුව පසු කරමින් මීරිගම දුම්රිය පළට ලගා වේ.

එතැන් සිට පරිසරය ක්‍රමයෙන් කඳුකර පරිසරයක ස්වභාවය ගනී..ඉදිරියට ඇදෙන දුම්රියට  ප්‍රථම බිංගෙය හා ලංකාවේ එකම ද්විත්ව බිංගෙය හමුවේ එහි දිග මීටර් 125.3කි.ඉළගට අඹේපුස්ස දුම්රිය පළ හමු වේ. මහ ඔය පසුකරමින් දුම්රිය ඉළගට අලව්ව දුම්රිය පොළ පසු කොට පොල්ගහවෙල දුම්රිය පොළට ළගාවේ මෙහිදි දෙවන සන්ධිස්ථානය හමුවේ මෙය උතුරු මාර්ගය හා ප්‍රධාන මාර්ගය වෙන් කරයි.දුම්රිය මඳ වේලාවකට නවතා නැවත්ත ගමන් අරඹයි දැන් දැ දුම්රිය කඳුකරය දෙසට ගමන් කරමින් පවතී.යොධයෙමු සෙ නැහී සිටින අලගල්ල කඳු වැටිය ළා නිල් පැහැයෙන් දිස් වේ. ඉළගට දුම්රිය කඳුකරයේ දොර‍ටුව හෙවත් රඹුක්කනට ලගා විය පින්නවල අලි අනථාගාරයද රඹුක්කනදි නැරඹිමට අවස්තාව හිමිවෙ.මෙතැන් සිට දුම්රිය ගමන නැග්මක් සහිතය.. හමුවන දෙවන තෙවන බිංගෙය දිග මීටර්10.6කි. අවටින් උතුවන්කන්දද දැකගත හැකිය.ඉන්පසුව හතරවන බිංගෙය දිග මීටර් 284.5කි.පස්වෙනි බිංගෙය දිග මීටර් 210.3කි.5A ලෙස තවත් බිංගෙයක් නම් කර ඇත 419.90කි දැන් දුම්රිය අලගල්ල කඳු වැටිය පමුල ගමන් කරයි කඳු වැටියේ උස මීටර් 1143.07කි.හමුවන 6වෙනි බිංගෙය දිග මීටර් 20.12කි 7වෙනි බිංගෙය දිග මීටර් 20.15කි 8වෙනි බිංගෙය දිග මීටර් 44.6කි..අවට පරිසරයේ තවත් කඳු වැටියක් දිස් වේ එය නම් බතලේ ගල කදු වැටියයි මෙය බයිබල් රොක් නමින්ද හඳුන්වයි. අලගල්ල කඳු වැටිය හරහා වැටී තිබුන දුම්රිය මාර්ගය දැන් වෙනත් කඳු වැටියකට මාරු වී ඇති බව අවට පරිසරය දෙස බලන විට අලගල්ල කඳු වැටිය පසෙකින් දිස් වෙන විට පැහැදිලි වේ. 8වෙනි බිංගෙය පසු කල විට බලන දුර්ගය ආරම්භ වේ පර්වථය අද්දරින්ම වැටී ඇති මාර්ගය නිසා පර්වථයේ මුදුනත දැකගත නොහැකිය.පර්වථය වටා යාර 400ක් දුම්රිය මාර්ගය වැටී තිබේගල වටා කැපුම අඩි 18ක් පළලෛන් යුක්තය.මෙම පර්වථය හකුරා වැටිච්ච ගල ලෙස හදුන්වයි...
                                       දිගින් දෙවන තැනට ගැනෙන මොරගල්ල බිංගෙය බලන දුම්රිය පොළ පසු කල පසු හමුවේ මෙහි දිග අඩි 1050කි.බිගෙය පිහිටි ප්‍රදේශය මුහුදු මට්ටමෙ සිට මීටර් 500ක පමණ උසකින් යුක්තය.මොරගල්ල බිගෙය කැණිම් කලේ දෙපස සිටය 1863 දි මහනුවර සිට 1863දි කොළඹ සිටය 1866දී නිම විය.ඉවත් කල ගල් හා පස් ප්‍රමාණය කියුබ් 10325ක් පමණ විය. කඩුගන්නාවට ආසන්නයේ තවත් එක් වැදගත් ස්ථානයක් ලෙස සිංහ මුඛය දැකිය හැක පර්වථ මුහුනත කපාගෙන උමගක ස්වරූපයෙන් තිබුනද එක් පසකින් විවෘතය මුහුනත වහලයක ස්වරූපය ගනී ඇත සිට බැලු විට සිංහයෙකු මුව විවර කරගෙන සිටින ආකරයක් දිස් වේ මෙතෙක් ආ දුර්ගයේ අවසානයද මෙය වේ. කඩුගන්නාව ආසන්නයේ කැප්ටන් ඩෝසන් කුළුන දැකගත හැකිය 1832 දි මිය ගිය කැප්ටන් ඩෝසන් මහතා සිහි වීම පිණිස මෙය ඉදිකර ඇත උස අඩි 125කි.අඩි 20ක් දිග 20ක් පළල අඩි 5ක් උස පීඨිකාවක් මත තනන ලද මෙය සිලින්ඩලාකාර කුළුනකි ඉහළට නැගීමට ස්ර්පිලාකාර දැව පඩි 110ක් තිබේ


කඩුගන්නාව දුම්රිය පළේ නවතා තිබු දුම්රිය මඳ වේලාවකින් නැවතත් ගමන් කරයි 10වෙනි හා 11වෙනි බිංගෙවල් කඩුගන්නාව පසු කල පසු හමු වේ දිග මීටර් 35.41ක් සහ මීටර් 26.96ක් වේ. රඹුක්කන සිට කඩුගන්නාවට සැතපුම් 13ක් තුළ අඩි 1500ක නැග්මක් සහිතය පිළිමතලාවට පැමිණෙන දුම්රිය මඳ වේලාවකින් ගමන් අරභයි පේරාදෙනිය දුම්රිය පොළ ඉළග නැවතුම්පොල වේ හමුවන තෙවන සන්ධිස්ථානයි මෙහිදී මහනුවර - කොළඹ, මහනුවර - බදුල්ල, බදුල්ල - කොළඹ යන මාර්ග තුනම සම්මුඛ වීම නිසා ත්‍රිකෝණයක් නිර්මාණය වී ඇත.පේරාදෙනිය මල් වත්ත හා පේරාදෙනිය සරසවිය මෙහි ඇති වැදගත් ස්ථානයන්ය.පේරාදෙනිය පසු කර ගම්පොල තෙක්ම පරිසරයේ සැළකිය යුතු විශේෂත්වයක් නැත.මහපවුරක් සේ දිස් වෙන හන්තාන කඳු වැටිය හා ඉන් ඔබ්බෙන් පෙනෙන නිල්ලබේ කඳු පෙළත් පරිසරය චමත්කාර කළේය ගමනේදි මුල්වරට මහවැලි ගඟ හමුවන්නේ ගම්පොලට ආසන්න වු විටය.ගම්පොල දුම්රිය පොළ නිරන්තරයෙන් ගංවතුරට යට වන ප්‍රදේශයක්ය දුම්රිය පොළේ යම් යම් කාල වලදි දුම්රිය පොළ යට වු ප්‍රමාණය දැක්වෙන කූළුනක්ද දැකගත හැකිය

ගම්පොල පසුකොට යන විට පරිසරයේ දැඩි වෙනසක් දක්නට ලැබේ ඉදිරියට හමුවන සැඑම දුම්රිය ස්ථානයකම දුම්රිය නවත්වන නිසා පරිසරයේ සුන්දරත්වය මැනවින් දැකබලා ගත හැකිය.ඉදිරියට ඇදෙන දුම්රිය දුම්රිය පොළවල් පසු කර නාවලපිටිය දුම්රිය පොළට ලගාවිය හිතකර දේශගුණයක් සහිත නිසා දුම්රිය පොළ ප්‍රසන්න ස්ථානයකි නාවලපිටිය පසු කොට යන විට මහවැලි ගඟ හරහ වැටී ඇති පාලම සෙයිලම් බ්‍රිජ් නමින් හඳුන්වයි එහි පවතින වැදගත්කම වනුයේ අනෙක් පාලම් මෙන් එහි ආධාරක කුළුනු නොමැති නිසාය එය තනි ඒකකයක් ලෙස ඉදිකොට ඇත.මඟ දෙපස තේ වතු වලින් වැසී තිබේ වනාන්තර මෙන් පයිනස් වගාව පැතීරී තිබේ දුම්රිය මාර්ගය දෙකිඳ වන අරණ ඔස්සෙ වැටී ඇත දෙකිඳ ඔය මත පිහිටි පාලම දෙපසම බිංගෙවල්ය හමුවන 12වෙනි බිංගෙය හා 13වෙනි බිංගෙවල් වල දිග මීටර් 167.76කි ඉන්පසුව දුම්රිය ගලබොඩ දුම්රිය පළට ලගා විය මෙහි සිට සිරිලක පුංචි නයඟරාව ලෙස හැදින්වෙන ගලබොඩ දිය ඇල්ල වෙත යා හැකිය.
                                                         ඉළගට දුම්රිය රොසැල්ල දුම්රිය පොළට ලගා විය තැනින් තැන දර්ශනය වන තේ කම්හල් පරිසරයේ අලංකාරය තවත් වැඩි කරයි.ඉතා පැහැදිලි අහසක් පවතින දවසක නම් ශ්‍රිපාද කඳු මුඳුන දැකගත හැකිය.කොළඹ හැටන් මහාමාර්ගයද දුම්රිය මාර්ගය අසලින් වැටී ඇත.තේ වතු මැදින් ඇති මාර්ග කළු පටියක් මෙන් ළා තේ දළු මතින් දිස් වේ


මිළඟ නැවතුම හැටන් දුම්රිය ස්ථානයයි.ශ්‍රිපාදය වැදපුදා ගැනිමට නම් මෙහි සිට යා හැකිය.හැටන් පසු කර ඉදිරියට ඇදෙන විට දුම්රිය මාර්ගයේ හමුවන දිගම බිංගෙය වන 14වෙනි බිංගෙය දිග මීටර් 559.72කි මෙය සිංගිමලේ හා පූල් බෑක් ලෙසද හදුන්වයි.මෙමගින් ගම් 2ක් යාකෙරේ.පා ගම්නින් මෙය හරය ගමන් කරන්නේ නම් විනාඩි 15ක් පමණ ගත වේ

හැටන් පසු කොට ඉළගට කොටගල දුම්රිය පළ හමු වේ එතැන් පටන් තලවකැලේ තෙක්ම භු විශමතාවයක් දක්නට නැත.මාර්ගය දෙපසම තේ වතු වලින් වැසී ඇත. 15 වෙනි බිංගෙයද මෙහිදී හමුවේ.සෙන්ටි ක්ලෙයාර් දිය ඇල්ල මෙහිදි හමුවන තවත් සුන්දර ස්ථානයකි දුම්රිය මර්ගයට වඩාත් හොදින් මෙය දර්ශනය වේ මිටර් 80ක් උස මෙය ලංකාවේ පළල් දිය ඇලි වලින් එකකි උසස් වර්ගයේ තේ සඳහා වඩාත් ප්‍රසිද්ධ වන්නේ තලවකැලේ තේ වතුය අවටින් තේ කම්හල් කිහිපයක්ද දැකගත හැකිය තලවකැලේ දුම්රිය පොළ පසු වු විට හමුවන කොත්මලේ ඔය හරහ ඉදි වු පලම දුම්රිය මාර්ගයේ උසම පාලමයි 16වෙනි බිංගෙය තලවකැලේ හා කොටගල අතරදි හමු වේ ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය දුම්රිය මාර්ගය අභිමුඛය නනුඔය දක්වා දුම්රිය මාර්ගය වැටි ඇත්තේ මෙ සුවිසල් කන්ද අසබඩිනි. ඉතා කෙටි දුරකින් ළගා වීමට තිබුනද මාර්ගය වක්‍රාරය තේ වතු වටා අධික වංගු ප්‍රමාණයක් ඔස්සේ වටගොඩට ළගා විය.මේ දුර සැතපුම් 6ක් පමණ වේ බොතලේ කට වැනි හැඩයක් ගමන් මග තුලදී දැකගත හැක ගැමියන් මෙයට සෝඩ වගුව ලෙසද හදුන්වයි.
                 උඩරට මාර්ගයේ අපූර්වතම වංගු සහිත මාර්ගය වැටී ඇත්තේ තලවකැලේ සිට වටගොඩ දක්වා මාර්ගයේ ය.සැන්ටි ක්ලෙයාර් සිට වටගොඩ දක්වා මාරගය සැතපුම් 6 කි. ඒ ස්ථාන 2ක සෘජු රේඛාවකින් යා කළ විට දුම්රිය මාර්ගය ස්ථාන  9 කින් කැපෙයි. පවතින වංගු ප්‍රමාණය ඉන් වටහා ගත හැකිය. වටගොඩ දුම්රියපළට දුම්රිය ළගා විය තවමත් ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය අසබඩින් මාරග්ය වැටී ඇත මෙහි උස මීටර් 2215.59කි ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොළ ඉළග දුම්රිය නැවතුම වේ මෙය නිරන්තරයෙන් මීදුමෙන් වැසෙන ප්‍රදේශයකි.ඉළග නැවතුම රදැල්ල දුම්රිය පොළයි පැහැදිලි අහසක් සහිත දිනයකදී නම් සමනල කඳු මුදුන දැක ගත හැකිය.17 වෙනි බිංගෙය රදැල්ල හා නනුඔය අතරදී  හමු වේ.
                    නුවර එළිය මයිමේ පිහිටි මෙම ස්ථානයේ සිට සැතපුම් 5ක දුරින් පුංචි එංගලන්තය හෙවත්නුවර එළියට යා හැකිය උස් කඳු මුදුන් වලින් වට වු සානුවකි ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියද නුවර එළිය වටා වු එක් කඳු වැටියකි 1867 දි ප්‍රථම තේ පැළය රොපණය කළ හක්ගල උද්භිද උද්‍යානය නුවර එළියේදී දැකගත හැක ගමනේ දි හමුවන 3වන උද්භිද උද්‍යානයි
                                              නනුඔය පසු කොට කිලෝමීටරයක් පමණ ගිය විට සමනල ගිරි මුදුන දැකගත හැකිය වම් පසින් මීපිළිමාන කඳු වැටිය පිහිටා තිබේ.මග දෙපස සරුසාර තේ වතු වලට අමතරව එළ්වළු කො‍ටුද දැකගත හැකිය ලීක්ස්, කැරට්, ගෝවා වැනි උඩරටට ආවේණික වු බෝග වගා මග දෙපස දැකගත හැකිය.අඹේවෙළට වන්නට වැඩි වශයෙන් අර්ථාපල් වගාව දක්නට ලැබේ. මග දෙපස ආවේණික තුරුලතා හා විවිධ වර්ගයේ මීවන පළැටි මාර්ගය අසල දක්නට ලැබේ දිල්භ වර්ගයක් වු ඇත් මීවන මෙම කලාපයට  ආවෙණිකය. අඩි 6ක් උස කහපැහැති කඳක් සහිත්ස්  මඩු අතු වැනි පත්‍ර වලින් යුක්තය.උණ කොටයක් සහිත කඳ ශුද්ධ පවිත්‍ර කොට ගත් විට ක‍ඳෙහි අලංකාර වයිරමක් දක්නට ලැබේ මෙ නිස මෙය දුලභ ශාකයක් ලෙස සංරක්ශනය කොට තිබේ
            වන පියස ඔස්සේ ගලා හැලෙන එල් ජින් ඇල්ල දුම්රිය කවුළුවෙන් මනාව දැකගත හැකිය වනාන්තරයේ උස් ගල් කුලක් මතින්  ඇදහැලෙන දිය දහර පහතට වැටීමෙදී ගල්තලාවක වැදී තිරස් අතට හැරී තිරු වඳුලු අතරේ සැඟව යයි මේ නිසා එයට  ඉංග්‍රිසි එල් අකුරේ හැඩය ලැබී ඇත ඇල්ලෙන් ගලන ජලය දඹගස්තලාව ඔයට එක් වේ. සරුසාර එළවළු කොර‍ටු පසු කරගෙන දුම්රිය අඹේවෙල දුම්රිය පළට ළගා විය සීතල දේශගුණයක් සහිත ප්‍රදෙශයකි. අඹේවෙල කිරිපිටි කම්හලද නවසීලන්ත සත්ව ගොවිපළද දුම්රිය පොළට ආසන්නයේ දැකගත හැකිය දිවයිනෙ වෙනත් තැන් වලින් එකතු කරගන්නා කිරි, පිටි බවට හරවා පැකට් කිරීම දක්වා සියලු කටයුතු මෙම කම්හලේදි සිදු වේ තවද චීස් හා බටර් නිෂ්පාදනයද මෙහි සිදු වේ
                අඹේවෙල පසුකර ඉදිරියට ඇදෙන විට හමුවන්නේ ලංකාවේ උසම දුම්රියපළ වන පට්ටිපොළ දුම්රිය ස්ථානයයි උසින් අඩි 6224 ක් වේ.පට්ටිපොළ තෙක්ම අර්ථාපල් වගාව වැඩි වශයෙන් දක්නට ලැබේ පට්ටිපොළ පසුකර ඉදිරියට ඇදෙන විට පරිසරය එක විට වෙනස් විය දුම්රිය වනගත පදෙසකට සේන්දු විය එය රක්ශිත වනාන්තරයකි මෙරට ආවේණික කැළැවල මෙන්ම කේතුධර ගස්ද මෙහි දක්නට ලැබේ මේ අතරදි දුම්රිය මාර්ගයේ උසම ස්ථානය ලෙස සැලකෙන සමිට් ලෙවල් ලෙස නම් කල පුවරුවක් දක්නට ලැබේ  18වෙනි බිංගෙයද මෙහිදි හමු වේ මෙය දිගින් තුන් වෙනි බිංගෙයයි.තවත් විශේෂ වනුයේ   භුගෝලීයව ඌව පළාතත් මධ්‍යම පළාතත් වෙන් වනුයේ මෙම බිංගෙයිනි.තවද දේශගුණික ලෙසද වෙනසක් ඇත ඒ බිංගෙයට ඇතුලු වන්නේ මීදුමෙන් වැසී ගිය පරිසරයෙකිනි එහෙත් බිංගෙයින් පිට වන්නේ මීදුමෙන් තොර දීප්තිමත් පරිසරයකිනි.
 පට්ටිපොල දුම්රියපොළත් ඔහිය දුම්රියපොළත් අතර හමුවන මුළු බිංගෙවල් සංඛ්‍යාව 4කි.18 වෙනි බිංගෙය දිග මී321.95 , 19බිංගෙය දිග මී19.2 , 20වෙනි බිංගෙය දිග මී 18.29 , 21 වෙනි බිංගෙය දිග මී 80.48කි.දුම්රිය මාර්ගය දැන් ක්‍රමයෙන් බැස්මක ගමන් කරයි.පට්ටිපොල දක්වා වු නැග්මේන් පසුව බදුල්ල දක්වාම දුම්රිය මාර්ගය බැස්මක  පිහිටා ඇත.

 මීළග නැවතුම ලෙස ඔහිය දුම්රියපොළ හමුවේ.සීතල මීදුමෙන් වැසී ඇති දුම්රියපොළ හෝටන්තැන්නට වඩාත් සමීපම දුම්රියපොළයි.මෙහි සිට තැන්න දක්වා දිවෙන මාර්ගය දුම්රියමාර්ගය අසලින්ම වැටී ඇත.තවද ලෝකාන්තය "World's End " පිහිට ඇත්තේද මෙම තැන්නේය.